Saturday, December 17, 2011

Colombo කළම්බු - සිංහාවලෝකනය...

මේ අවුරුද්දෙ වස්සානෙට සල්ලි හොයන්න අපි කරපු ලොකුම Project එක තමයි Colombo කළම්බු. සුපුරුදු විදියට මුල ඉඳලම උදවු වලට වඩා කරදර බාධක තමයි තිබුනෙ. ඔක්කොම වැඩ ටික කරේ සති 3ක් වගේ පොඩි කාලෙකින් නිසා අපිට සෑහෙන්න වැඩ තිබුනා.
ඒ මහන්සියේ ප්‍රතිඵල අපි හිතුවටත් වඩා හොඳට තියෙන බව අපිට තේරුනේ 16 හවස Jhon De Silva එකට ඇවිත් හිටපු සෙනග දැක්කමයි.
නම් ලියන්න ගියොත් ලොකූ ලිස්ට් එකක් එන නිසා උදවු කරපු හැමෝගෙම නම් ලියන්න අමාරුයි. ඒ උනත් ශෂිකගෙයි නියෝගෙයි විකීගෙයි නං නම් නොලියා ඉන්න බෑ. මොකද ඒ අ‍ය තමයි Drama එකේ සංවිධාන කටයුතු කරේ.
07 එකේ අපේ සෙට් එක වගේම 08,09,10 බැච් වල නංගිල මල්ලිලාත් අපිට ගොඩක් උදවු කරා. විශේෂයෙන්ම Ticket විකුන ගන්න උදවු කරපු නංගිල මල්ලිලයි, Poster ගහන්න යන්න පාන්දර 3-4 ට නැගිටල ආපු මල්ලිලයි අමතක කරන්න බෑ.
ඒ වගේම Drama එක දවසෙ Faculty එකේ ගොඩාක් දෙනෙක් ඇවිත් හිටියා. තනියෙන්ම විතරක් නෙවෙයි, පවුලෙ කට්ටියත් එක්ක එහෙම නැත්තං යාලුවොත් එක්ක. ඒ ආපු හැමෝටම ගොඩාක් ස්තුතියි. අන්තිමේදි Hall එක පිරෙන්නම සෙනග ඉන්නකොට අපිට සතුටු හිතුනෙ අපි ගැන විතරක් නෙවෙයි, නිකවැරටියෙ කැලේගම ඉස්කෝලෙ ලමයි ගැන.මොකද Drama එකෙන් හම්බ උන සල්ලි වලින් අපි කරන මුල්ම වැඩේ තමයි ඉස්කෝලෙට Computer lab එකක් හදල දෙන එක. ඒකෙ වැඩ අපි ලබන සඳුදා (2011/12/19) පටන් ගන්නවා. ඒ කියන්නෙ කැලේගම ලමයි Internet ඇවිත් මේ blog එක කියවන දවස වැඩි ඈතක නෙවෙයි. එදාට අපිට විතරක් නෙවෙයි, Drama එක බලපු ඔයගොල්ලන්ටත් සතුටු වෙන්න පුලුවන් මොකද අපි වගේම ඔබත් මේ සත්ක්‍රියාවට දායක උන නිසා.
දැන් Drama එක නං ඉවරයි. ඒ උනාට වස්සානෙට කරන්න තව වැඩ ගොඩක් ඉතුරු වෙලා තියෙනවා. මෙච්චර දවස් අපිට සහයෝගය දුන්න ඔයගොල්ලො ඉස්සරහටත් අපිත් එක්ක  ඉඳී කියලා අපි බලාපොරොත්තු වෙනවා.
අන්තිමට කියන්න තියෙන්නෙ Faculty එක ඇතුලෙ වගේම පිටත් අපිට උදවු කරපු හැ‍‍‍මෝටම ගොඩාක් ස්තූතියි කියලා. ඒ වගේම ගොඩාක් පිං....
අපි - වෛද්‍ය පීඨ බෞද්ධ සංගමය, කොළඹ.....

16 හවස මතක සලකුනු.......



No comments:

Post a Comment